Sunday, March 1, 2015

නුඹ...


නෙතග දැවටුන කඳුලු බිඳු
සිනහවෙන් දියකර
බොඳවූ ජීවිතය
එකලු කල
නුඹ...

මුලා වුනු හදවතට
මං පෙත් කියා දී
සෙනෙහසේ නවාතැනේ
දොරගුලු විවර කල
නුඹ...

ලැබූ ඒ පිවිතුරු
නොනිමි ප්‍රේමය
හදවතට තුරුළු කර
මතු මතුත් ඉන් මතුත්
පතනෙමි
නුඹ...

No comments:

සිතුවිල්ලට අදහසක් එකතු කරලා යන්න අමතක කරන්නත් එපා...