Sunday, March 1, 2015

නුඹ...


නෙතග දැවටුන කඳුලු බිඳු
සිනහවෙන් දියකර
බොඳවූ ජීවිතය
එකලු කල
නුඹ...

මුලා වුනු හදවතට
මං පෙත් කියා දී
සෙනෙහසේ නවාතැනේ
දොරගුලු විවර කල
නුඹ...

ලැබූ ඒ පිවිතුරු
නොනිමි ප්‍රේමය
හදවතට තුරුළු කර
මතු මතුත් ඉන් මතුත්
පතනෙමි
නුඹ...

Saturday, February 28, 2015

පිවිසුම



හදවත තෙරපෙන - හැඟුම් පොදි මතින්
සොඳුරු කවියක - පදවැල් ගොතන්නට

අහිංසක ඇරයුමක් - පබඳිමි

මිතුදමක - අත්වැල් බඳින්නට

පියාපත් ලැබ - නිමක් නොපෙනෙන

නිල් නුවන් ගැබ - සැරිසරන්නට

ඉතිං අවසර - සබඳ මා හට

Blog අඹර - වෙත පා තබන්නට